ගමින් ගමට දොරින් දොරට විපක්ෂ නායක ජංගම සේවා වැඩසටහනේ තවත් එක් වැඩ සටහනක් පසුගියදා අනුරාධපුර උපතිස්ස ගම උපතිස්ස රජමහා විහාරය කේන්ද්‍ර කර ගෙන පැවැත්විණි.
මෙහිදී අනුරාධපුර ජනතාව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා හට තම දුක්ගැනවිලි ඉදිරිපත් කිරීමට කටයුතු කළ අතර ඔවුන් එහිදී ඉතා සංවේදීව අදහස් ඉදිරිපත් කරන ආකාරය දැක ගැනීමට හැකි විය. වත්මන් ජනපති බලය ලබා ගැනීමෙන් අනතුරුව තම ප්‍රදේශ වල පවතින ගැටළු දෙස ඇසක් ඇර නොබැලූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසු ගිය ජනාධිපතිවරණය ජයග්‍රහණය කර ජනාධිපති වූයේනම් කියා හැඟෙන බවත් සංවේදීව ප්‍රකාශ කළේය.
එහිදී විපක්ෂනායකවරයා සදහන් කර සිටියේ තමාගේ උපරිම පරිමාණයෙන් මෙම ප්‍රශ්න විසඳීමට උත්සාහ ගන්නා බවත්, ප්‍රශ්න හමුවේ තමා කිසිසේත්ම පළා නොයන බවත්ය.
දිවයින පුරා ග්‍රාම සේවා වසම් 14,021ක් කුඩා ගම්මාන 50,964ක් ඇතුළු සමස්ත රටම ආවරණය කරමින් සමගි ජන බලවේගයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා මොරටුමුල්ලෙන් ආරම්භ විය.
Lanka Newsweek © 2026